Posts

Showing posts from February, 2021

රංජන් රාමනායක අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ වැසිකිලි හෝදයි

Image
වසර හතරක සිර දඬුවම් නියම වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මේ වන විට රදවා ඇත්තේ අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයේය.  ඔහු බන්ධනාගාරයේ දී පිරිසිදු කිරීමේ කටයුතු සඳහා යොදවා ඇති අතර වැසිකිළි සේදීම ද එහි එක් රාජකාරියකි.  ඔහු රඳවා සිටින වාට්ටුවේ ජුලම්පිටිය අමරේ ඇතුළු දඬුවම් විදින අපරාධකරුවන් රැසක් රඳවා සිටී. රටේ විනිසුරුවන් හා නීතිඥයන්ගෙන් බහුතරයක් දූෂිත බව පැවසූ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වසර හතරක බරපතල වැඩ සහිතව සිර දඬුවම් නියම කරන ලදි.

සුමිත් නිරිඇල්ල ගේ කතාව

Image
  සුමිත් නිරිඇල්ල යනු 1988/89 කාලයේ ජවිපෙ ශිෂ්‍ය අංශයේ සිටි ක්‍රියාකාරිකයෙකි. ඔහු පන්ති පහද සම් පූර්ණ කොට තිබුණි. ඔහුට පැවරී තිබුනේ පෝස්ටර් ගැසීම, පණිවිඩ එහා මෙහා ගෙන යාම වැනි ක්‍රියාකාරකම් ය. ඔහු ක්‍රියාත්මක වූයේ කොස්ගම , හංවැල්ල , අවිස්සාවේල්ල, පුවක්පිටිය යන ප්‍රදේශ වලය. යම් කාලයක් ව්‍යාපාරය විසින් භාර දුන් වැඩ කිරීමෙන් පසු සුමිත් නිරිඇල්ල, ජවිපෙ සන්නද්ධ අංශය වූ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ අවිස්සාවේල්ල ප්‍රදේශයේ සිටි ජේෂ්ඨ සාමාජිකයෙකු සහ ඔහුගේ කණ්ඩායම සමග නිල නොවන අයුරින් එක්වී කටයුතු කලේය. මේ පිලිබඳව ඉහළ නායකත්වය දැන සිටියේ නැත.  සුමිත් නිරිඇල්ල, අවිස්සාවේල්ල ප්‍රදේශයේ සිටි ජේෂ්ඨ සාමාජිකයා සහ ඔහුගේ සහචරයන් සමග මංකොල්ලකෑම් කිහිපයකටද සහභාගී විය. මේ මුදල් ඔවුන් ව්‍යාපාරයට භාර දුන්නේ නැත. ඒවා කණ්ඩායමේ සාමාජිකයන් බෙදා ගත්තෝය.  සුමිත් නිරිඇල්ල ආරක්‍ෂක අංශ වලට හසු වන්නේ ඔවුන් විසින් කරන ලද සාමූහික ස්ත්‍රී දූෂණයකට පසුවය. වර්තමානයේ ඉතාලියේ ජීවත් වන අවිස්සාවේල්ල ප්‍රදේශයේ සිටි ජේෂ්ඨ සාමාජිකයා පවසන අන් දමට මෙම ස්ත්‍රී දූෂණය ඔහු විසින් අනුමත නොකරන ලද ක්‍රියාවකි. ඒ වන විට සුමිත් නිරිඇල්ල සහ සාමාජ

ශ්‍රී ලංකාවේ වකුගඩු මාෆියාව

Image
  ලෝකයේ වකුගඩු බද්ධ කිරීමේ ශල්‍ය වෛද්‍ය තාක්‍ෂණය සොයාගනු ලැබූයේ 1956 වසරේදීය.  නීතිමය පදනමක්‌ද සහිතව වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්මය ශ්‍රී ලංකාවේ මුලින්ම කරන ලද්දේ 1985  වසරේ කොළඹ මහ රෝහලේ ශල්‍ය වෛද්‍ය විශේෂඥ රෙස්‌වි ශෙරිෆ් මහතාත් ශල්‍ය වෛද්‍ය විශේෂඥ ශෙරිෆ් ඩීන්  මහතාත්  විසිනි.  ඉන් පසු ලංකාවේ වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්ම සිදු කරනු ලැබීය. එය මරණය පෙනි පෙනී සිටි වකුගඩු රෝගීන්ට මහත් පහසුවක් විය.   ශල්‍ය වෛද්‍ය විශේෂඥ රෙස්‌වි ශෙරිෆ් මහතාත් ශල්‍ය වෛද්‍ය විශේෂඥ ශෙරිෆ් ඩීන්  මහතාත්  සත් භාවයෙන් ආරම්භ කල මේ වකුගඩු බද්ධ කිරීමේ රෝගී ප්‍රතිකාර ක්‍රමය පසු කාලයක අතලොස්සක් වූ වෛද්‍ය වෘත්තියට නිගා දෙන දොස්තර අධමයන් පිරිසක් විසින් ඔවුන් ගේ උදර පෝෂණය සඳහා යොදා ගත්හ. ඔවුන් විසින් බූවල්ලෙකු වන් අඞු විහිදවනු ලැබූ වකුගඩු මාෆියාවක් ලංකාවේ ඇති කරන ලදි.  ශ්‍රී ලංකාවේ වකුගඩු මාෆියාව  ඉතා ප්‍රබලය. වාර්ශිකව රුපියල් බිලියන ගනනක් හුවමාරු වෙන මෙම ජාවාරම දෙවනි වන්නේ මත්ද්‍රව්‍ය ජාවාරමට පමණි. අතලොස්සක් වූ වෛද්‍යවරු පිරිසක් පාලනය කරන මෙම මාෆියාවේ මාසික ගෙවීම් ලබන සෞඛ්‍ය අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් පිරිසක්   සිටිති. සෞ