Posts

Showing posts from June, 2021

කුඩා දරුවාට මත්වතුර පෙවූ තරුණයාට ඇප

Image
  කුඩා දරුවකුට මත්වතුර පොවමින් එහි දර්ශන ඇතුළත් විඩියෝවක් සමාජ මාධ්‍යට මුදා හළ 25 හැවිරිදි තරුණයකු පෑලියගොඩ පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත ඊයේ (11) මුදා හැර තිබේ.  මේ වීඩියෝව සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ පොලිසිය මෙය සිදුව ඇත්තේ පෑලියගොඩ නුගේපාර ප්‍රදේශයේ බව අනාවරණය කර ගැනීමෙන් අනතුරුව අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබේ.  අදාළ සැකකරු එම ප්‍රදේශයේම පදිංචිකරුවෙක් වන අතර, කුඩා දරුවා වයස අවුරුදු 4ක් වන පිරිමි දරුවකු බවද පොලිසිය පවසයි.  එම සිදුවීමට මුහුණ පෑ දරුවා සහ දරුවාගේ මවද පෑලියගොඩ පොලිස් ස්ථානය වෙත කැඳවා තිබිණි.  එහිදී පොලිස් නිලධාරීන් හමුවේ එම කාන්තාව සඳහන් කර සිටියේ, දරුවාගේ පියා වෙන්ව ගොස් ඇති බවත් එනිසා තමා රැකියාවට යන තුරු මිත්තණිය සමඟ දරුවා සිටින බවත්ය.  පොලිස් ස්ථානය වෙත රැගෙන ඒමෙන් අනතුරුව එම තරුණයා සඳහන් කර සිටියේ, තමා විනෝදයක් ලෙස එම ක්‍රියාව කළ බවත් එම බීර ටින් එක තුළ වෙනත් බීම වර්ගයක් තිබූ බවත්ය.  ‘තමුන්ට නංගිලා මල්ලිලා නැද්ද? තමන් පොඩි කාලේ තමුන්ට මෙහෙම දෙයක් කළොත්? තමුන්ගේ මව

හයිවේ” පස් ජාවාරම

Image
   පස් ජාවාරමට ජනතා විරෝධය   කණු මතින් පාර ඉදිකිරීම වෙනුවට පස් කඳු මතින් පාර හදන්නේ පස් ජාවාරමට   ගම්පහ ‘පස්’ දැන් රත්නපුරයේ මැණික්වලටත් වඩා ඉල්ලමක් වී තිබෙන ආකාරය දක්නට හැකිය. වාණිජමය වශයෙන් ඉහළ වටිනාකමකින් යුත් කොළඹ හා ගම්පහ ‘ඉඩම්’ ලෙස කුඹුරු හා වගුරු බිම් ගොඩ කරන්නට යොදාගත් පස්වල වටිනාකම තවත් වැඩි වූයේ කොළඹ-නුවර අධිවේගී මාර්ගය ඉදිකිරීම ආරම්භයක් සමගය.     ගම්පහ ‘පස්’ ව්‍යාපාරයක් නොව ජාවාරමක් බවට පත්වන්නේ ‘පස්’ සඳහා වෙනම පාතාලයක් බිහිවීමත් සමගය. දේශපාල‌නඥයින්ගේ රැකවරණ මත පස් ජාවාරමේ සියලු කටයුතු සිදු කළේය. පස් ජාවාරමේ තිබුණු සල්ලි ඉල්ලම නිසාම පස් පාතාලය ද දෙකඩ වී ඔවුනොවුන් මරා ගැනීම ආරම්භ වූයේ 2003 වසරේ නොවැම්බර් 13 වැනි දින සිදු වූ මහා පරිමාණ පස් ජාවාරම්කරුවකු වූ ‘කළු ගාමිණී’ගේ මරණයෙනි. තවත් පස් ජාවාරම්කරුවකු වූ පාතාලයේ ‘අසිත’ගේ පාර්ශ්වය විසින් එම ඝාතනය සිදු කළේය. එදා සිට මේ දක්වා පස් ජාවාරම නිසා 43 දෙනකු ඝාතනයට ලක්ව ඇති අතර, ඉන් ආසන්නතම මරණය වාර්තා වූයේ 2018 පෙබරවාරි 6 වැනි දින කෙහෙල්බද්දර පදිංචිකරුවකු වූ 65 හැවිරිදි නෙවිල් පෙරේරාය. ඔහු පස් ජාවාරමට සම්බන්ධ අයකු නොවූ නමුත් ඔහුගේ පුත්

මනෝ සෞඛ්‍ය පනත උල්ලංඝනය කරන හොර මනෝ උපදේශකයෝ

Image
  ව්‍යාජ සුදුසුකම් ඉදිරිපත් කොට මනෝ විද්‍යාඥයෙකු ලෙස පෙනී සිටින ඩී.එස්. රණවක  තිඹිරියාගම බණ්ඩාර සහ අජිත් මදුරප්පෙරුම ගේ ලිපි ඇසුරෙනි  වියාජ සුදුසුකම් සහිත කිසිදු පුහුනුවක් නොමැති හොර මනෝ  උපදේශකයෝ විශාල ප්‍රමානයක් රට පුරා විහිදී මානසික රෝගීන්ට ප්‍රතිකාර කරන බවට ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ  වෛද්‍යවරයෙකු පෙන්වා දෙයි.  මෙම වෛද්‍යවරයා පවසන අන්දමට සමහරක් පුද්ගලයන් විසින් ඉන්දියාවේ පෙට්ටි කඩ වැනි කිසිම අධ්‍යාපන ගුනාත්මක භාවයක් නොමැති ආයතන වලින් මනෝ විද්‍යා උපාධි මිලට ගෙන සායනික මනෝ විද්‍යාඥ  වැනි නාම යටතේ මානසික රෝගීන්ට ප්‍රතිකාර කිරීම  මෙන්ම සමහර විශ්ව විද්‍යාල නොමග යවා විශ්ව විද්‍යාල කථිකාචාර්ය තනතුරු ද ලබාගෙන ඇත.   වැඩිදුරටත් කරුනු දක්වන ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ  මෙම වෛද්‍යවරයා මනෝ විද්‍යාව සම්බන්ධයෙන් ලෝකයේ පිලිගත් විශ්ව විද්‍යාල වලින් උපාධි ලබා ලංකාවේ විශ්ව විද්‍යාල වල සේවය කරන මනෝ විද්‍යාඥයන් ගේ ප්‍රමානය පස් දෙනෙකුට නොවැඩි බව පවසයි. එසේම ලංකාවේ විශ්ව විද්‍යාල වල  මනෝ විද්‍යා අංශයන්හි සේවය කරන මහාචාර්ය /  කථිකාචාර්ය තනතුරු දරන පුද්ගලයෝ මනෝ විද්‍යාව නොව දර්ශනය වැනි උපාධි හැද

වකුගඩු ජාවාරමෙන් ශ්‍රී ලාංකික වෛද්‍යවරු පිරිසක් අති විශාල ධනස්කන්ධයක් උපයලා- ඉන්දියාවේ The Times of India පුවත් පත පවසයි

Image
 වකුගඩු ජාවාරමෙන් ශ්‍රී ලාංකික වෛද්‍යවරු පිරිසක් අති විශාල ධනස්කන්ධයක් උපයා ඇති බව  ඉන්දියාවේ  The Times of India පුවත් පත  පෙන්වා දෙයි. එම ලිපිය සහ එම ලිපිය සඳහ ලින්කුව පහත දැක්වේ. ජාත්‍යන්තර වකුගඩු ජාවාරම් සම්බන්ධයෙන් ඉන්දීය පොලිසිය විසින්  අත් අඩංගුවට ගත් පුද්ගලයන් තිදෙනා පසුගිය මාස කිහිපය තුළ කොළඹ (ශ්‍රී ලංකාව) හි වකුගඩු 21 ක් විකුණා ඇතැයි වාර්තා වේ.   මෙම තිදෙනා තමන්ගේම වකුගඩු විකුණා ඇති බවත්, එම ක්‍රියාවලියේදී ඔවුන් ගේ වකුගඩු ක්‍රියාකාරීත්වය පරික්‍ෂා කොට වකුගඩු බද්ධ කිරීම් සිදුකරන ශ්‍රී ලංකාවේ වෛද්‍යවරු පිරිසක් බව හෙළිවී තිබේ. සෑම බද්ධ කිරීමක් සඳහාම ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් රුපියල් ලක්‍ෂ 40 ත් 50 ත් අතර මුදලක් ලබා ගත් බවත් ඉන්දියානු තැරැව්කරුවන්ට රුපියල් 50,000 සිට රුපියල් ලක්‍ෂ 1.5 දක්වා සහ පරිත්‍යාගශීලීන්ට රුපියල් ලක්‍ෂ 5 දක්වා ගෙවා තිබේ.  Kidney racket: Lankan doctors make fortune (The Times of India )   HYDERABAD:  The three culprits arrested by the Central Crime Station (CCS) police in the international kidney trafficking case have reportedly sold 21 kidneys in Colombo (Sri