Posts

Showing posts from July, 2021

"රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ පතාකයෙක් වකුගඩු ජාවාරම්කරුවන් රකිනවා" වෛද්‍ය රුක්‍ෂාන් බෙල්ලන පවසයි.

Image
  රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උසස් නිලධාරියෙකු නීති විරෝධී වකුගඩු ජාවාරමේ යෙදෙන වෛද්‍යවරු ආරක්‍ෂා කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්‍ෂාන් බෙල්ලන මහතා පවසයි. විරෝධී වකුගඩු ජාවාරම් වලට සම්බන්ධ බවට ඉන්දියානු පොලීසිය විසින් ලබා දුන් තොරතුරු සහ ශ්‍රී ලංකාවේ රහස් පොලිසිය විසින් කල පරීක්‍ෂණ අනුව වකුගඩු ජාවාරමට වෛද්‍ය මොනික් අඹේපිටිය , මහාචාර්‍ය රිස්වි ශෙරීෆ් ගේ දියණිය වන වෛද්‍ය හබීබා ෂෙරීෆ් , වෛද්‍ය රංග මිගාර වීරක්කොඩි ඇතුළු තවත් වෛද්‍යවරු කිහිප දෙනෙකු සම්බන්ධ බව සොයා ගැනුනි. මෙම වකුගඩු ජාවාරම පිලිබඳව සොයා බැලීම සඳහා වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර ගේ මූලිකත්වයෙන් යුතුව කමිටුවක් පත් කලද සියළු පරීක්‍ෂණ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උසස් නිලධාරියෙකුගේ බලපෑම් මත යටපත් කරන ලදි. වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර කමිටුව අක්‍රිය කරන ලද අතර නීති විරෝධී මිනිස් අවයව ජාවාරමට සම්බන්ධවූ වෛද්‍යවරු පිළිබඳව නිසි විමර්ශනයක් පැවැත්වූයේ නැත. එසේම වකුගඩු ජාවාරමට සම්බන්ධ වූ කිසිදු වෛද්‍යවරයෙකුට චෝදනා ගොනු වූයේ නැත. මේ නිසා වකුගඩු මාෆියාව මගින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උසස් නිලධාරියාට අළුත්ම මෝටර් රථයක