Posts

Showing posts from April, 2021

වකුගඩු ජාවාරම පිළිබඳව පත්කරන ලද කමිටුවේ වාර්තාව හෙළිකරනු -අනුර දිසානායක

Image
  පසුගිය දිනවල මහත් ආන්දෝලනයට ලක්වූ වකුගඩු ජාවරමට ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත‍්‍රය සම්බන්ධ බවට පළවූ ප‍්‍රවෘත්ති පිළිබඳව මෙම සභාවේ අවධානය යොමු කරනු කැමැත්තෙමි.  පසුගිය දිනවල නීති විරෝධී වකුගඩු ජාවාරමක් පිළිබඳ තොරතුරු ඉන්දියානු පොලිසිය විසින් අනාවරණය කරගෙන තිබුණා. එම තොරතුරු වලට අනුව ඊට අදාල වකුගඩු ශල්‍යකර්ම සිදුකර තිබුණේ ශී‍්‍ර ලංකාවේ රෝහල් තුළ හා ශ‍්‍රී ලංකාවේ වෛද්‍යවරුන් සම්බන්ධ කරගෙනයි. ඊට ලංකාවේ පෞද්ගලික රෝහල් 4කුත් වෛද්‍යවරුන් හයදෙනෙකුත් සම්බන්ධවී ඇති බවට මාධ්‍ය වාර්තා කළා.  මේ පිළිබඳව සොයා බලා වාර්තා කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් පළමුව ත‍්‍රිපුද්ගල කමිටුවක්ද පසුව පංචපුද්ගල කමිටුවක්ද පත්කරනු ලැබුවා. එම අවසන් කමිටුවේ වාර්තාව පසුගිය පස්වෙනිදා ඇමතිවරයාට පිළිගන්වා ඇති බව අමාත්‍යවරයා ප‍්‍රකාශ කළා.  පුද්ගලයන් ඝාතනය කර ශරීර කොටස් විකිණීමේ ජාවාරමක් කලක සිට ඉන්දියාවේ පැවැති අතර මෑතකාලීනව ඉන්දියානු රජය මේ පිළිබඳව නීති දැඩි කර තිබෙනවා. එසේම ලංකාවේ පවතින නීතිය අනුවද කිසිදු ශරීර කොටසක් විකිණීම තහනම් වන අතර බද්ධ කිරීම සඳහා අවයව ලබාගත හැක්කේ නොමිලේය. මේ වාතාවරණය තුළ ඉන්දියානු ජාවාරම්කරුවන් විසි

තුප්පහි මිනිස්‌ අවයව ( වකුගඩු) ජාවාරම -ඒමන්ති මාරඹේ

Image
  ඉන්දීය රහස්‌ පොලිසිය විසින් කස්‌සප රාජු හරහා සොයාගත් ඒ අතිශය ජුගුප්සාජනක තොරතුරු පසුගිය සතියේ ඉන්දියානු පුවත්පත්වල පළවී තිබිණි. නම් ගම් පිටින් පළවී තිබිණි. අසරණ දුගී ඉන්දියානුවන්ගේ වකුගඩුවක්‌ රුපියල් පනස්‌ දහසක මුදලකට මිලට ගෙන වකුගඩු බද්ධ කළයුතු තත්වයේ සිටි තවත් ඉන්දියානුවෙකුට බද්ධ කරන මේ තුප්පහි මිනිස්‌ අවයව ජාවාරම සිදුකර තිබුණේ කොළඹ කොම්පඤ්ඤවීදිය ආසන්නයේත් නාරාහේන්පිට කිට්‌ටුවත් තිබෙන පුද්ගලික රෝහල් තුනක්‌ හා වත්තලට නුදුරින් පිහිටි පුද්ගලික ආරෝග්‍ය ශාලාවක්‌ තුළය. ඒ නීති විරෝධී ම්ලේච්ඡ ජාවාරමට මේ රටේ වෛද්‍ය වෘත්තිකයන් 6 දෙනෙක්‌ සෘජුව සම්බන්ධව සිටියහ. ඉන් තිදෙනෙක්‌ ගැහැණුය. මේ ජාවාරම්කාර දොස්‌තර චෞරයන්ට එරෙහිව මේ වනවිට ඉන්දීය පොලිසිය නඩු දමා ඇති බව ඉන්දීය ජනමාධ්‍ය විසින් වාර්තා කර ඇත්තේය. චෝදනාව දුගී ඉන්දියානු ගැමියන්ගේ ශරීරවලින් ඔවුන්ට පොරොන්දු වූ මිලට වඩා අඩු මිලකට වකුගඩු ඉවත්කර එම වකුගඩු, අක්‍රීය තත්ත්වයේ සිටිනා ඉන්දියානු ජාතිකයන්ට බද්ධ කිරීම සඳහා ශ්‍රී ලංකා රුපියල් ලක්‌ෂ 28 ත් 30 ත් අතර මුදලක්‌ ස්‌වකීය ගාස්‌තු වශයෙන් අයකිරීමය. ලංකාවේ නීතියෙන් මෙන්ම ඉන්දියානු නීතියෙන්ද තහනම් වූ මේ