Posts

Showing posts from March, 2021

වකුගඩු ජාවාරම ගැන පරීක්‍ෂණ කතාවට විතරයි... පරීක්ෂණ නතරවෙලා, දොස්තර අතුරුදන්

Image
  ඒමන්ති මාරඹේ    ⋆ ශ‍්‍රී ලංකාවට මහත් අපකීර්තියක් ගෙන දුන් ඉන්දු - ශ‍්‍රී ලංකා මහා පරිමාණ වකුගඩු ජාවාරම සම්බන්ධ සෞඛ්‍ය අමාත්‍යාංශ පරීක්‍ෂණ අතරමග නතර වෙයි.   ජාවාරම හේතුවෙන් වකුගඩු බද්ධ කිරීමේ සැත්කම් නතර කළ පෞද්ගලික රෝහල් 4 ට මසකට මිලියන 200 ක අලාභයක්.    මේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ  සංසදයේ  සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන විසින් ප‍්‍රකාශ කරන ලද කරුණු කිහිපයකි. මෙම සෑම කරුණක් ම මෙරට පැවැති සෞඛ්‍ය වෘත්තිය සමිතියක් වන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට සම්බන්ධවීම සුවිශේෂිය. වෛද්‍ය බෙල්ලනට අනුව මෙරටට මහත් අපකීර්තියක් විඳීමට සිදු වූ හා මෙරට වෛද්‍ය ක්‍ෂේත‍්‍රයට කළු පැල්ලමක් එකතු කළ ඉන්දියාව හා ශ‍්‍රී ලංකාව අතර ක‍්‍රියාත්මක වූ මහා පරිමාණ වකුගඩු ජාවාරමට සම්බන්ධ ශ‍්‍රී ලාංකීය වෛද්‍යවරුන් දෙදෙනාම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ක‍්‍රියාකාරී සාමාජිකයෝ වීම නිසා කෙසේ හෝ නීතියේ රැහැනට හසුනොවී බේරී සිටිති.    ඉන් එක් වෛද්‍යවරයකු දැනටමත් අතුරුදන්ව සිටින අතර අනෙක් වෛද්‍යවරයා ක‍්‍රියාකාරී වෘත්තීය සමිති සාමාජිකයකු ලෙස කටයුතු කරන බව ඔහු කීවේය. මෙම වෛද්‍යවරුන්ගේ මෙහෙයෙවීමෙන් ක‍්‍රියාත්මක වූ දකුණු ඉන්දියාවේ දුප්

වෛද්‍ය රංග මිගාර වීරක්කොඩි උණ්ඩියල් ක්‍රමයට ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ඔහුගේ සහෝදරයා වන සිදත් වීරක්කොඩිට මුදල් පොම්ප කරලා

Image
  වෛද්‍ය  රංග මිගාර වීරක්කොඩි  වකුගඩු පිලිබඳ විශේසඥ වෛද්‍යවරයෙකි. නමුත් ඔහු වෛද්‍ය ආචාර ධර්ම කඩ කරමින් නීති විරෝධී මිනිස් අවයව ජාවාරමේ යෙදෙන්නෙකි. වෛද්‍ය රංග මිගාර වීරක්කොඩි වකුගඩු මාෆියාවේ විශාල පුරුකකි. ඔහුගේ අන්වර්ථ නාමය 'වකුගඩු හන්ටර්' ය. රංග මිගාර වීරක්කොඩිලා ගේ වකුගඩු මාෆියාව නිසා මේ වන විට වකුගඩුවක මිල රුපියල් මිලියන 3-4 පමණ වෙයි. මේ මුදලින් වකුගඩු දායකයාට ලැබෙන්නේ රුපියල් ලක්‍ෂ පහකටත් අඩු මුදලකි. ඉතිරි මුදල් යන්නේ මාෆියාවට සහ මාෆියාව ආරක්‍ෂා කරන ලොකු ලොකු පුද්ගලයන්ටය. ලංකාවේ කුඩු ජාවාරමට පසුව අධිකව මුදල් ලැබෙන ජාවාරම නීති විරෝධී වකුගඩු ජාවාරමය.   නීති විරෝධී වකුගඩු ජාවාරමේදී රෝගියාගෙන් ලක්‍ෂ 30 -40 ක පමණ මුදලක් අය කර ගන්නා අතර වකුගඩු දායකයාට ලක්‍ෂ 5ක මුදලක් දෙනු ලැබේ, ඉතිරි ලක්‍ෂ 25 ජාවාරමට සම්බන්ධ වෛද්‍යවරු සහ රෝහල බෙදා ගනිති. ලංකාවේ 1987 අංක 48 දරන ශරීර අවයව බද්ධ කිරීමේ පනත ලිහිල් නිසා ඉන්දියාව, මලයාසියාව , තායිලන්තය යන රට වල රෝගීන් වකුගඩු බද්ධ කර ගැනීම සඳහා ලංකාවට පැමිනෙති. පසුගිය වසර කිහිපය තුළ ශ්‍රී ලංකාවේ වකුගඩු සැත්කම් 2500 කට අධික සංඛ්‍යාවක් සිදුකර තිබේ. එහෙත් ල