Posts

Showing posts from October, 2021

තරුණියක් දූෂණය කල ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරියා - ජේ . ඩී සී ජයසිංහ

Image
    ජේ . ඩී සී ජයසිංහ මිනුවන්ගොඩ ඕපාත ප්‍රදේශයේ පදිංචිව සිටි මල්දෙනියගේ ප්‍රියදර්ශනී නම් තරුණිය සේවය කලේ කටුනායක ඇඟලුම් කම්හලකය. මුදලින් දුප්පත් නමුත් රුවින් පොහොසත් මෙම තරුණිය  පාසල් අධ්‍යාපනය නිම කිරිමටත් ප්‍රථම රැකියාවකට ගියේ නිවසේ තිබු අග හිඟකම් නිසාය. 1999 වසරදී සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ප්‍රවාහන  අධ්‍යක්ෂක ජාවිගොඩගේ දොන් චාර්ල්ස් ජයසිංහ (J.D.Cජයසිංහ) ඇයට අහඹු ලෙස මුණ ගැසුණු අතර මෙම මිනිසා ඇයගේ  ජීවිතය සදාකාලික අන්ධකාරයකට හෙලන බව ඇය දැන සිටියේ නැත.  ගාමන්ට් කෙල්ලන් යනු කෙලි බඩු ලෙස සැලකු කාමතුරයෙකු වන මුද්දරගම පදිංචිව සිටි ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරියෙකු වන ජේ . ඩී සී ජයසිංහ ප්‍රියදර්ශනී ගේ රූපයට වශී  වූ අතර ඇයට මිනුවන්ගොඩ රෝහලේ කම්කරු රැකියාවක්  ලබා දෙන බවට පොරොන්දු විය. රජයේ රැකියාවක් ලබා ගැනීමට පෙරුම්පුරමින් සිටි තරුණිය මේ කරුණාවන්ත මහතාගේ වචන විස්වාස කලාය.   මේ අනුව දිනක් සෞක්‍ය අමාත්‍යංශයේ සම්මුක පරීක්ෂණයකට ඒමට කියා ඔහු මිනුවන්ගොඩ මල්දෙනියගේ ප්‍රියදර්ශනී ගෙන්වාගෙන මරදාන ප්‍රදේශයේ ලැගුම්හලකට ගෙන ගොස් ඇයව බලහත්කාරයෙන් දුෂණය කළේය. අනාගතය ගැන දහසක් බලපොරොත්තු තබා සිටි තරුණිය

තවත් මාරාන්තික කොරෝනා ප‍්‍රභේදයක් මතුවේ..

Image
කොවිඩ්-19 ඩෙල්ටා ප්‍රභේදයේ අනුප්‍රභේදයක් ලෙස ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින ‘ඩෙල්ටා ප්ලස්’ (Delta +) නම් නව ප්‍රභේදය ලොව පුරා හිස ඔසවමින් පවතින බව සෞඛ්‍ය අංශ පවසයි. ඉහළ ප්‍රතිශතයක් එන්නත්කරණයට ලක්වූ රටවලින් මේ වනවිට ඩෙල්ටා ප්ලස් අනු කොවිඩ් ප්‍රභේදය වාර්තා වී ඇත. ඩෙල්ටා ප්ලස් ඉතා සීඝ්‍රයෙන් ව්‍යාප්තවීමේ හැකියාවක් සහිත සංකූලතා වැඩි කොවිඩ් අනු ප්‍රභේදයක් බවද වාර්තා වී තිබේ. මේ වනවිට රටවල් 27ක ඩෙල්ටා ප්ලස් අනු ප්‍රභේදය දැකිය දැකි බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ, වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා පැවසීය. ශ්‍රී ලංකාව ද මේ වනවිට ජනතාවගෙන් වැඩි ප්‍රතිශතයක් එන්නත්කරණයට ලක්කර සිටින බැවින් ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ නොසලකා කටයුතු කළහොත් ඩෙල්ටා ප්ලස් ප්‍රභේදය මෙරටද ව්‍යාප්තවීමේ අවදානමක් ඇති බව ඔහු පවසයි. පවතින සෞඛ්‍ය උපදෙස් කඩකරමින් කටයුතු කරන බවක් සමාජයේ පෙන්නුම් කරන බැවින් ඩෙල්ටා ප්ලස් කොවිඩ් අනු ප්‍රභේදය වළක්වා ගැනීමට ජනතාව වඩා අවදානයෙන් කටයුතු කළයුතු බව වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා පැවසීය. ඩෙල්ටා ප්ලස් අනු ප්‍රභේදය සඳහා කොවිඩ් එන්නත් සාර්ථක ප්‍රතිචාර දක්වනවාද යන්න තවදුරටත් පර්යේෂණ සිදු ක