තවත් මාරාන්තික කොරෝනා ප‍්‍රභේදයක් මතුවේ..



කොවිඩ්-19 ඩෙල්ටා ප්‍රභේදයේ අනුප්‍රභේදයක් ලෙස ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින ‘ඩෙල්ටා ප්ලස්’ (Delta +) නම් නව ප්‍රභේදය ලොව පුරා හිස ඔසවමින් පවතින බව සෞඛ්‍ය අංශ පවසයි.

ඉහළ ප්‍රතිශතයක් එන්නත්කරණයට ලක්වූ රටවලින් මේ වනවිට ඩෙල්ටා ප්ලස් අනු කොවිඩ් ප්‍රභේදය වාර්තා වී ඇත.

ඩෙල්ටා ප්ලස් ඉතා සීඝ්‍රයෙන් ව්‍යාප්තවීමේ හැකියාවක් සහිත සංකූලතා වැඩි කොවිඩ් අනු ප්‍රභේදයක් බවද වාර්තා වී තිබේ.

මේ වනවිට රටවල් 27ක ඩෙල්ටා ප්ලස් අනු ප්‍රභේදය දැකිය දැකි බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ, වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා පැවසීය.

ශ්‍රී ලංකාව ද මේ වනවිට ජනතාවගෙන් වැඩි ප්‍රතිශතයක් එන්නත්කරණයට ලක්කර සිටින බැවින් ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ නොසලකා කටයුතු කළහොත් ඩෙල්ටා ප්ලස් ප්‍රභේදය මෙරටද ව්‍යාප්තවීමේ අවදානමක් ඇති බව ඔහු පවසයි.

පවතින සෞඛ්‍ය උපදෙස් කඩකරමින් කටයුතු කරන බවක් සමාජයේ පෙන්නුම් කරන බැවින් ඩෙල්ටා ප්ලස් කොවිඩ් අනු ප්‍රභේදය වළක්වා ගැනීමට ජනතාව වඩා අවදානයෙන් කටයුතු කළයුතු බව වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා පැවසීය.

ඩෙල්ටා ප්ලස් අනු ප්‍රභේදය සඳහා කොවිඩ් එන්නත් සාර්ථක ප්‍රතිචාර දක්වනවාද යන්න තවදුරටත් පර්යේෂණ සිදු කරමින් පවතින බව වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Comments

Popular posts from this blog

මනෝ සෞඛ්‍ය පනත උල්ලංඝනය කරන හොර මනෝ උපදේශකයෝ

තරුණියක් දූෂණය කල ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරියා - ජේ . ඩී සී ජයසිංහ

The Kidney Mafia in Sri Lanka