තරුණියක් දූෂණය කල ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරියා - ජේ . ඩී සී ජයසිංහ
ජේ . ඩී සී ජයසිංහ මිනුවන්ගොඩ ඕපාත ප්‍රදේශයේ පදිංචිව සිටි මල්දෙනියගේ ප්‍රියදර්ශනී නම් තරුණිය සේවය කලේ කටුනායක ඇඟලුම් කම්හලකය. මුදලින් දුප්පත් නමුත් රුවින් පොහොසත් මෙම තරුණිය පාසල් අධ්‍යාපනය නිම කිරිමටත් ප්‍රථම රැකියාවකට ගියේ නිවසේ තිබු අග හිඟකම් නිසාය. 1999 වසරදී සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ප්‍රවාහන අධ්‍යක්ෂක ජාවිගොඩගේ දොන් චාර්ල්ස් ජයසිංහ (J.D.Cජයසිංහ) ඇයට අහඹු ලෙස මුණ ගැසුණු අතර මෙම මිනිසා ඇයගේ ජීවිතය සදාකාලික අන්ධකාරයකට හෙලන බව ඇය දැන සිටියේ නැත. ගාමන්ට් කෙල්ලන් යනු කෙලි බඩු ලෙස සැලකු කාමතුරයෙකු වන මුද්දරගම පදිංචිව සිටි ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරියෙකු වන ජේ . ඩී සී ජයසිංහ ප්‍රියදර්ශනී ගේ රූපයට වශී වූ අතර ඇයට මිනුවන්ගොඩ රෝහලේ කම්කරු රැකියාවක් ලබා දෙන බවට පොරොන්දු විය. රජයේ රැකියාවක් ලබා ගැනීමට පෙරුම්පුරමින් සිටි තරුණිය මේ කරුණාවන්ත මහතාගේ වචන විස්වාස කලාය. මේ අනුව දිනක් සෞක්‍ය අමාත්‍යංශයේ සම්මුක පරීක්ෂණයකට ඒමට කියා ඔහු මිනුවන්ගොඩ මල්දෙනියගේ ප්‍රියදර්ශනී ගෙන්වාගෙන මරදාන ප්‍රදේශයේ ලැගුම්හලකට ගෙන ගොස් ඇයව බලහත්කාරයෙන් දුෂණය කළේය. අනාගතය ගැන දහසක් බලපොරොත්තු තබා සිටි තරුණිය